Thursday, July 7, 2016

කිසිදු ඇප් එකක් නොමැතිව phone එක speed කරමු

 ඇන්ඩ්රොයිඩ් දුරකතන පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට ඇති ප්රස්නයක් ලෙස දුරකතනය මන්දගාමී (slow) වීම දැක්විය හැකිය. මෙම ගැටලුවට හේතුවන ප්රධාන  කාරණාව වන්නේ දුරකතනයහි අස්තිර මතකය (Ram) තුල අඩු නිදහස් අවකාශයක් පැවතීමයි.රැම් ධාරිතාව 512mb පවතින දුරකතන වල මෙම ගැටලුව සුලභව දැකිය හැකිය.මේ සඳහා කල හැකි සරලම විසඳුම වන්නේ අනවශ්ය app අස්ථාපනය (uninstall) කිරීමයි.එසේ කිරීමෙන් මන්දගාමී තත්වය බොහෝ දුරට මග හරවා ගත හැකිය.

දුරකතනය වේගවත් (speed) කිරීමට යැයි පවසා නොයෙක් ඇප් වර්ග play store තුල ඇතත් ඒ මගින් සැලකිය යුතු වේගවත් බවක් ලබාගත නොහැක.සමහර අවස්ථා වලදී තිබූ වේගවත් බවද මෙම ඇප් ක්රියාත්මක කිරීමෙන් නැති වී යයි.හේතුව එම app එක ධාවනය කිරීමටද සැලකිය යුතු ram මතක ප්රමාණයක් ගැනිමයි.

හදුන්වා  දෙන මෙම ක්රමය මගින් ඔබේ දුරකතනයහි සැබෑ ලෙසම වේගවත් බවක් ලබා ගත හැකිය.විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු app එකක් බාවිතා නොකිරීමයි.මේ සඳහා  setting වල සුලු වෙනස්කම් කිහිපයක් කිරීම පමනයි ඇත්තෙ.මෙම ක්රියාත්මක කිරීම තුලින් #messaging /contacts/logs ආදී විශේෂාංගයන්හි ඉතා වේගවත් බවක් ලැබෙනු ඇත.

ක්රියාත්මක කරන ආකාරය පිලිවෙලින්

1-go to phone setting
2-select DEVELOPER options (සමහර දුරකතන වල මෙම විශේෂාංගය සඟවා ඇත.එය ගැනීමට මේ පියවර අනුගමනය කරන්ඩ. 1- go to Abuot phone. 2- මෙහි    Build number  ලෙස පෙන්වන තැනට එක දිගට තට්ටු කරන් යන්ඩ.3-අනතුරුව එක් වරක් back කර බලන්ඩ.දැන් ඔබට කලින් නොතීබූ Developer option නම් විශේෂාංගය දැකිය හැක) 
 (සැලකිය යුතුයි÷ මෙහි සඳහන් කරන වෙනස්කම් හැර වෙනත් කිසිඳු වෙනස්කමක් developer option තුල  නොකල යුතුය)

3-developer option  ඔන් කර පහලට යන්ඩ.
4-එහි මේ ආකාරයට සඳහන් විශේෂාංග  3 ක් ඇත.

1-Window animation scale
2-Transition animation scale
3-Animator duration scale

5-මේ තුනහිම අගය 1×  ලෙස දක්වා ඇත.
6-ඔබ එම අගයන් .5×  ලෙස වෙනස් කල යුතුය.
ඔක්කොම හරි.දැන් phone  එක restart කරල බලන්ඩකො.ගැටලු ඇත්නම් comment කරන්ඩ.


මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි