Monday, November 13, 2017

Mx player එකේ AC3 sound අවුල හදමු

Android Phone  එකෙන් filme  බලන අයට මේ දේ වැදගත් වෙයි කියලා හිතුනා.ඒකයි මේ විදියට පෝස්ට් එකක් දාන්නෙ.හුඟ දෙනෙක් android phone එකෙන් filme බැලීමට යොදාගන්නෙ mx player එකයි.හේතුව මෙම player එකෙහි පහසුකම් වැඩි වීමයි.
☆උපසිරසි සමග වීඩියෝ ධාවනය
☆තිරයේ දීප්තිය සීරු මාරු කිරීම
☆වීඩියෝ විශාලනය කිරීම
                   ආදිය කෙටියෙන් දැක්විය හැක.
මෙම පෝස්ට් එක දැමීමට ප්රධාන කාරනය සමහර චිත්රපට වීඩියෝ ධාවනය කිරීමේදී ශබ්දය නොඇසීමයි.එය සකසා ගන්නා ආකාරය බලමු.ශබ්දය නොඇසීමට හේතුව player ය DTS/DTSHD/AC3/EAC3/MLP ආදියට සභය නොදැක්වීමයි.මෙය සකසා ගැනීමට නම් mx player ට අදාල Custom Codec file  එක download කර internel storage එකට copy කරගත යුතුය.codec file එක zip file එකක් ලෙස ඇති අතර එය extract කල යුතු නැත.
මෙහි මා විසින් mx player එකක් හා ඊට අදාල custom codec file ය හි link ඇතුලත් කර ඇත.ඔබටත් මෙම ගැටලුව ඇත්නම්  මෙම link මගින් download කර අනෙක් වීඩීයෝ වල මෙන් ශබ්දය රස විදින්ඩ.ගැටලු ඇත්නම් පහතින් කමෙන්ට් කරන්ඩ.
☆☆☆නොදන්නා කෙනෙක්ට දැන ගැනීම සඳහා share කරන්න☆☆☆

1 comment:

මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි