Thursday, September 1, 2016

සීගිරි ගමන (තාරක,කසුන්,ලක්මාල්,මම)

මේ දාලා තියෙන්නෙ අපි දවසක් සීගිරි ගියා එදා ගත්ත පොටො වගයක්.මේ ගමන ගියේ අපි කොල්ලො හතර දෙනයි.ඒ මමයි,ලක්මාලයයි,තාරකයයි,කසුනයි.ගියෙ තාරකගෙ වීල් එකෙ.
ඇත්තටම එදා නම් මාර විදියට මහන්සි උන දවසක්.මොකද අපි උදේ 8 ඉදන්  පහුවදා පාන්දර 2 වෙනකම් එක දිගට වැඩ.එදා කසුනා වැඩට ආවෙත් නැද්ද කොහෙද.2 off වෙලා අපි හොඳට නා ගෙන එහෙම ගියා කසුනව ගන්ඩ.උගෙ ගෙදරට.ඔන්න ඉතින් කට්ටිය හරි.පාන්දර 3 ට විතර ගමන ආරම්භ කලා.මෙ වෙද්දි අපි හිටියෙ ඌරාපොල වෙන්ඩ ඕනෙ.8ට කලින් අපිට පුලුවන් උනා ගලට යන්ඩ.

ආතල් එකෙ එහෙ මෙහෙ ඇවිදල කරල එහෙම පොටො ටිකකුති ගත්තා.ඒ ඉතින් අතේ තිබුන ජංගම මෙවුවා එකෙන් තමයි.
අමමටසිරි දහය විතර වෙද්දි කලන්තෙ වගෙ.මට විතරක් නෙමෙයි ඔක්කොටම.ඇයි ඉතින් කලින් දවසෙ නිනදක් වත් නෑ නෙ හරියට.අනික උදේට කෑවෙත් නෑ ගිහින්ම කනවා කිව්වනෙ කට්ටිය.මතක විදියට පාන්දර 4 ට විතර ටී එකක් ගැහුවා.ඒකෙ පවර් එකෙන තමා අච්චර වෙලාවත් හිටියෙ.අන්තිමට එකෙක්ටවත් පන නෑ.වැනි වැනී බැස්සෙ.
බැහැපු ගමන් කඩේකට ගිහින් හොඳට කෑවා.කලා එහෙම නාන්ඩ තැනක් හෙව්වා.අපිට සෙට් උනා පොඩි වැවක්.එතන නම් මරු පොට් එක.වීල් එකත් අමාරුවෙන් නාන පොට් එකටම ගත්තා.අපේ තාරකයා ඉතින් වැඩ්ඩනෙ.ඔතන ඉතින් නාලා පුල් ආතල් එකක් ගත්තා.එතනටම තවත් සෙට් එකක් අවා.එතන හිටියා මරු කෑල්ලකුත්.ම්ම්..... අපි ගිය තැන්වලින් එකක් තමා මෙ.මේ ගමන ගිහින් අවුරුද්දක් විතර වෙනවා.අද තමය් මේ පෝස්ට් එක දාන්ඩ හිතුනෙ .මොකද සමහර වෙලාවට අපි ලඟ තියන පොටෝස් ඩිලීට් වෙන්ඩ පුලුවන්.ඒත් මං වගේ එකකට දැම්මම එහෙම ප්රස්න නැ නෙ.ඕනෙම යාලුවෙක්ට බලන්ඩ උනත් පුලුවන්......එහෙනම් තවත් පෝස්ට් එකකින් හමු වෙමු....ජය වේවා!!

Saturday, August 13, 2016

ඕනෙම web අඩවියක video පහසුවෙන් download කරමු


 සමහර විට මෙම ඇප් එක ඔබ ප්රියතම  ම ඇප් අතරට එක් කර ගනු ඇත.හේතුව මෙමගින් ඕනෑම වෙබ් අඩවියක් මගින් බෙදාහරින ලද වීඩියෝ ඉතාම පහසුවෙන් බාගැනීමට හැකිය.මේ සඳහා කල යුත්තේ ලබා දෙන මෙම  app එක download කර  install කර ගැනීමයි.

ඔබ දන්න web site එකකින් video download කරන්නේ නම් මෙම app එක open කොට එහි වම් උඩු කෙලවර click කරන්ඩ.එවිට address bar  එකක් දිස්වනු ඇත.මෙහි යම් වෙබ් අඩවියකට අයත් url එකක් දැකගත හැකි අතර ඔබ එය මකා දමා ඔබට අවස්ය video එක අඩංගු වෙබ් ලිපිනය ඇතුලත් කරන්ඩ .මෙමගින් ඍජුවම අදාල web අඩවියට සම්බන්ධ වන අතර අවශ්ය වීඩියෝව තෝරා එක් වරක් click කරන්ඩ.එවිට තිරයේ උඩ කොටසේ download icon එක පෙන්වනු ඇත.එය click කිරීමෙන් තෝරාගත් ඔබේ වීඩියෝව බාගැනීම ආරම්භ වේ..(මෙම ක්රමය මගින් වෙබ් අඩවි තුල online පමණක් බැලීමට ඇති වීඩියෝ download කල හැකිය)

මෙම app එක මගින් ඔබට අවශ්ය video google සෙවුම මගින් පහසුවෙන් සෙවිය හැක.ඒ සඳහාද පහසුකම් මෙහි අන්තර්ගතය.

(ඔක්කොම වැඩ කෑලි ටික පැහැදිලි කරන්ඩ අමාරුයි.download කරන්ම බලන්ඩ.use කිරීම ඉතාම පහසුයි)

#නොදන්නා අයගේ දැනුවත් වීම සඳහා පමණක්ම මෙය සැකසුවෙමි#

Thursday, July 7, 2016

කිසිදු ඇප් එකක් නොමැතිව phone එක speed කරමු

 ඇන්ඩ්රොයිඩ් දුරකතන පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට ඇති ප්රස්නයක් ලෙස දුරකතනය මන්දගාමී (slow) වීම දැක්විය හැකිය. මෙම ගැටලුවට හේතුවන ප්රධාන  කාරණාව වන්නේ දුරකතනයහි අස්තිර මතකය (Ram) තුල අඩු නිදහස් අවකාශයක් පැවතීමයි.රැම් ධාරිතාව 512mb පවතින දුරකතන වල මෙම ගැටලුව සුලභව දැකිය හැකිය.මේ සඳහා කල හැකි සරලම විසඳුම වන්නේ අනවශ්ය app අස්ථාපනය (uninstall) කිරීමයි.එසේ කිරීමෙන් මන්දගාමී තත්වය බොහෝ දුරට මග හරවා ගත හැකිය.

දුරකතනය වේගවත් (speed) කිරීමට යැයි පවසා නොයෙක් ඇප් වර්ග play store තුල ඇතත් ඒ මගින් සැලකිය යුතු වේගවත් බවක් ලබාගත නොහැක.සමහර අවස්ථා වලදී තිබූ වේගවත් බවද මෙම ඇප් ක්රියාත්මක කිරීමෙන් නැති වී යයි.හේතුව එම app එක ධාවනය කිරීමටද සැලකිය යුතු ram මතක ප්රමාණයක් ගැනිමයි.

හදුන්වා  දෙන මෙම ක්රමය මගින් ඔබේ දුරකතනයහි සැබෑ ලෙසම වේගවත් බවක් ලබා ගත හැකිය.විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු app එකක් බාවිතා නොකිරීමයි.මේ සඳහා  setting වල සුලු වෙනස්කම් කිහිපයක් කිරීම පමනයි ඇත්තෙ.මෙම ක්රියාත්මක කිරීම තුලින් #messaging /contacts/logs ආදී විශේෂාංගයන්හි ඉතා වේගවත් බවක් ලැබෙනු ඇත.

ක්රියාත්මක කරන ආකාරය පිලිවෙලින්

1-go to phone setting
2-select DEVELOPER options (සමහර දුරකතන වල මෙම විශේෂාංගය සඟවා ඇත.එය ගැනීමට මේ පියවර අනුගමනය කරන්ඩ. 1- go to Abuot phone. 2- මෙහි    Build number  ලෙස පෙන්වන තැනට එක දිගට තට්ටු කරන් යන්ඩ.3-අනතුරුව එක් වරක් back කර බලන්ඩ.දැන් ඔබට කලින් නොතීබූ Developer option නම් විශේෂාංගය දැකිය හැක) 
 (සැලකිය යුතුයි÷ මෙහි සඳහන් කරන වෙනස්කම් හැර වෙනත් කිසිඳු වෙනස්කමක් developer option තුල  නොකල යුතුය)

3-developer option  ඔන් කර පහලට යන්ඩ.
4-එහි මේ ආකාරයට සඳහන් විශේෂාංග  3 ක් ඇත.

1-Window animation scale
2-Transition animation scale
3-Animator duration scale

5-මේ තුනහිම අගය 1×  ලෙස දක්වා ඇත.
6-ඔබ එම අගයන් .5×  ලෙස වෙනස් කල යුතුය.
ඔක්කොම හරි.දැන් phone  එක restart කරල බලන්ඩකො.ගැටලු ඇත්නම් comment කරන්ඩ.


Sunday, June 19, 2016

speed meeter pro පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව දැන ගනිමු

දිනකට ඔබ කොපමන ඩේටා ප්රමාණයක් පාවිච්චි කරනවද.සමහර විට ඔබ එය නොදන්නවා විය හැක.අද හදුන්වා දෙන මෙම ඇන්ඩ්රොයිඩ් ඇප් එක මගින් දිනකට පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව ඔබට දැන ගත හැකිය.එසේම මසකට ඔබ විසින් වැයකරන  ඩේටා ප්රමාණයද ඉතාම පහසු ලෙස මින් බලා ගත හැකිය.මෙහි දත්ත භාවිතය අංශ දෙකක් යටතේ දක්වයි.ඒ mobile හා wi-fi ලෙසය.මෙම ඇප් එක playstor මගින් ඔබ ලබා ගන්නවනම් මුදල් ගෙවා ලබාගත යුතුය.නමුත්  මම ඔබට එය නොමිලයේ ලබා දෙමි.බා ගැනීමට පහල සබැඳිය භාවිතා කරන්න.ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ.

බාගැනීමට මෙතන ඔබන්න 
click here
මේ සම්බන්ද ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ

Sunday, June 5, 2016

යාලුවොත් එක්ක bluetooth වලින් සෙට් වෙලා pool ගහමුද

යාලුවොත් එක්ක bluetooth වලින් සෙට් වෙලා pool game එක play කරමුද.හරිම ලේසියි.තනියම game එකක් play කරනව වගේද..පොඩි මෙවුවා (ඔවු ඔවු ඒක තමා) එකකුත් තියෙයිනෙ.මේ game එක තනියම උනත් play කරන්ඩ පුලුවන්. එහෙනම් අපි ගියා ජය වේවා!
මෙතනින් බාගන්ඩ (download here)

Screen shot ටිකත් බලන්ඩකො




Sunday, May 29, 2016

Android පෝන් එක windows desktop එකක් කරමු

Android phone එක windows desktop එකක් බවට හරවමුද.


Windows desktop එක  වගේ ඔයාගේ Android පෝන් එකත් හදාගන්ඩ ආසද ?.එහෙනම් මෙන්න ඒකට නියම android app කෑල්ලක් ( සම්පූර්න එකම දෙනවා හොඳේ) මේකෙන් පුලුවන් තමන් කැමති විදියට android එකේ screen එක හදා ගන්ඩ.tab එහෙකට උනත් මරුනෙ.free%  නිසා අවුලක් නෑ.අනික සෙනිකව බා ගන්ඩත් පුලුවන්.adfly මොනාත් නෑ.screen shot ටිකකුත් දාන්නම්කො.එහෙනම් බා ගෙනම බලන්ඩ. ජය වේවා !.