Monday, November 13, 2017

Mx player එකේ AC3 sound අවුල හදමු

Android Phone  එකෙන් filme  බලන අයට මේ දේ වැදගත් වෙයි කියලා හිතුනා.ඒකයි මේ විදියට පෝස්ට් එකක් දාන්නෙ.හුඟ දෙනෙක් android phone එකෙන් filme බැලීමට යොදාගන්නෙ mx player එකයි.හේතුව මෙම player එකෙහි පහසුකම් වැඩි වීමයි.
☆උපසිරසි සමග වීඩියෝ ධාවනය
☆තිරයේ දීප්තිය සීරු මාරු කිරීම
☆වීඩියෝ විශාලනය කිරීම
                   ආදිය කෙටියෙන් දැක්විය හැක.
මෙම පෝස්ට් එක දැමීමට ප්රධාන කාරනය සමහර චිත්රපට වීඩියෝ ධාවනය කිරීමේදී ශබ්දය නොඇසීමයි.එය සකසා ගන්නා ආකාරය බලමු.ශබ්දය නොඇසීමට හේතුව player ය DTS/DTSHD/AC3/EAC3/MLP ආදියට සභය නොදැක්වීමයි.මෙය සකසා ගැනීමට නම් mx player ට අදාල Custom Codec file  එක download කර internel storage එකට copy කරගත යුතුය.codec file එක zip file එකක් ලෙස ඇති අතර එය extract කල යුතු නැත.
මෙහි මා විසින් mx player එකක් හා ඊට අදාල custom codec file ය හි link ඇතුලත් කර ඇත.ඔබටත් මෙම ගැටලුව ඇත්නම්  මෙම link මගින් download කර අනෙක් වීඩීයෝ වල මෙන් ශබ්දය රස විදින්ඩ.ගැටලු ඇත්නම් පහතින් කමෙන්ට් කරන්ඩ.
☆☆☆නොදන්නා කෙනෙක්ට දැන ගැනීම සඳහා share කරන්න☆☆☆

Sunday, October 29, 2017

Delete උන photoes නැවත ගමු

සමහර අවස්ථාවන් වලදී අපට වැදගත්ම ඡායාරූප ද ජංගම දුරකතනයෙන් මැකී යා හැක.එවන් අවස්ථා වලදී නැවත එම ඡායාරූප ලබා ගැනීමට නම් පරිඝනකයක් භාවිත කල යුතුය.නොඑසේ නම් මේ සඳහා නිර්මානය කර ඇති apps  භාවිත කල යුතුය.අන්තර්ජාලයේ සේවීම මගින් මෙම කාණ්ඩයට අයත් බොහෝ ජංගම දුරකතන යෙදුම් (apps) සොයාගත හැකිමුත් ඒවායින් සිතන තරම් සාර්ථක ප්රතිඵල ලබාගත නොහැකිවනු ඇත.
       මෙහි දක්වා ඇති ජංගම දුරකතන යෙදුම මගින්  මැකී ගිය ඡායාරූප බොහෝ ප්රමාණයක් නැවත ලබා ගත හැකිය.මුල් ඡායාරූපවල තරම් ම ගුණාත්මක භාවයක් නොතිබුනද සැලකිය යුතු මට්ටමකින් ලබාගත හැක.
ජංගම දුරකතනය රූට් කර ඇත්නම් මෙම යෙදුමෙහි කාර්යක්ෂමතාවය බොහෝ වැඩිය.මෙය ඉතාම සරලය.පහත සබැඳිය මගින් යෙදුම බාගන්න.
 ☆☆☆නොදන්නා අයෙක්ට දැන ගැනීම සඳහා පල කලෙමු☆☆☆


Sunday, October 1, 2017

phone එකෙන් උපසිරසි හදමු



පෝන් එකෙන් උපසිරසි පහසුවෙන් හදමු.පලමුව අවශය උපසිරසියේ ඉංග්රීසි උපසිරස ඩවුන්ලෝඩ් කර ගන්න.පසුව මෙම ලබා දී ඇති ඇප් එක මගින් එය විවෘත්ත කරගන්න.එහේදී එම උපසිරසියේ ඇතුලත් දේ  දිස් වේ.දැන් එම වචන පේලී ඒවත්කර එහි සිංහල පරිවර්තනය ඇතුලත්කරගන්න.මුල් පෙල ඉවත් කිරීමට වචන මත ක්ලික් කරන්න.
DOWNLOAD APP click here

Sunday, May 14, 2017

Trip to nuwara eli නුවර එලි ගමන

අපේ කොල්ලො සෙට් එක නුවරඑලි ගිහින් ගත්ත ආතල් එකේ මතක  සටහන් ටිකක් තමයි මේ.

මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි