Showing posts with label Android වැඩ කෑලී. Show all posts
Showing posts with label Android වැඩ කෑලී. Show all posts

Friday, May 8, 2020

Android පෝන් එක windows desktop එකක් කරමු

Android phone එක windows desktop එකක් බවට හරවමුද.


Windows desktop එක  වගේ ඔයාගේ Android පෝන් එකත් හදාගන්ඩ ආසද ?.එහෙනම් මෙන්න ඒකට නියම android app කෑල්ලක් ( සම්පූර්න එකම දෙනවා හොඳේ) මේකෙන් පුලුවන් තමන් කැමති විදියට android එකේ screen එක හදා ගන්ඩ.tab එහෙකට උනත් මරුනෙ.free%  නිසා අවුලක් නෑ.අනික සෙනිකව බා ගන්ඩත් පුලුවන්.adfly මොනාත් නෑ.screen shot ටිකකුත් දාන්නම්කො.එහෙනම් බා ගෙනම බලන්ඩ. ජය වේවා !.






Monday, November 13, 2017

Mx player එකේ AC3 sound අවුල හදමු

Android Phone  එකෙන් filme  බලන අයට මේ දේ වැදගත් වෙයි කියලා හිතුනා.ඒකයි මේ විදියට පෝස්ට් එකක් දාන්නෙ.හුඟ දෙනෙක් android phone එකෙන් filme බැලීමට යොදාගන්නෙ mx player එකයි.හේතුව මෙම player එකෙහි පහසුකම් වැඩි වීමයි.
☆උපසිරසි සමග වීඩියෝ ධාවනය
☆තිරයේ දීප්තිය සීරු මාරු කිරීම
☆වීඩියෝ විශාලනය කිරීම
                   ආදිය කෙටියෙන් දැක්විය හැක.
මෙම පෝස්ට් එක දැමීමට ප්රධාන කාරනය සමහර චිත්රපට වීඩියෝ ධාවනය කිරීමේදී ශබ්දය නොඇසීමයි.එය සකසා ගන්නා ආකාරය බලමු.ශබ්දය නොඇසීමට හේතුව player ය DTS/DTSHD/AC3/EAC3/MLP ආදියට සභය නොදැක්වීමයි.මෙය සකසා ගැනීමට නම් mx player ට අදාල Custom Codec file  එක download කර internel storage එකට copy කරගත යුතුය.codec file එක zip file එකක් ලෙස ඇති අතර එය extract කල යුතු නැත.
මෙහි මා විසින් mx player එකක් හා ඊට අදාල custom codec file ය හි link ඇතුලත් කර ඇත.ඔබටත් මෙම ගැටලුව ඇත්නම්  මෙම link මගින් download කර අනෙක් වීඩීයෝ වල මෙන් ශබ්දය රස විදින්ඩ.ගැටලු ඇත්නම් පහතින් කමෙන්ට් කරන්ඩ.
☆☆☆නොදන්නා කෙනෙක්ට දැන ගැනීම සඳහා share කරන්න☆☆☆

Sunday, October 29, 2017

Delete උන photoes නැවත ගමු

සමහර අවස්ථාවන් වලදී අපට වැදගත්ම ඡායාරූප ද ජංගම දුරකතනයෙන් මැකී යා හැක.එවන් අවස්ථා වලදී නැවත එම ඡායාරූප ලබා ගැනීමට නම් පරිඝනකයක් භාවිත කල යුතුය.නොඑසේ නම් මේ සඳහා නිර්මානය කර ඇති apps  භාවිත කල යුතුය.අන්තර්ජාලයේ සේවීම මගින් මෙම කාණ්ඩයට අයත් බොහෝ ජංගම දුරකතන යෙදුම් (apps) සොයාගත හැකිමුත් ඒවායින් සිතන තරම් සාර්ථක ප්රතිඵල ලබාගත නොහැකිවනු ඇත.
       මෙහි දක්වා ඇති ජංගම දුරකතන යෙදුම මගින්  මැකී ගිය ඡායාරූප බොහෝ ප්රමාණයක් නැවත ලබා ගත හැකිය.මුල් ඡායාරූපවල තරම් ම ගුණාත්මක භාවයක් නොතිබුනද සැලකිය යුතු මට්ටමකින් ලබාගත හැක.
ජංගම දුරකතනය රූට් කර ඇත්නම් මෙම යෙදුමෙහි කාර්යක්ෂමතාවය බොහෝ වැඩිය.මෙය ඉතාම සරලය.පහත සබැඳිය මගින් යෙදුම බාගන්න.
 ☆☆☆නොදන්නා අයෙක්ට දැන ගැනීම සඳහා පල කලෙමු☆☆☆


Thursday, July 7, 2016

කිසිදු ඇප් එකක් නොමැතිව phone එක speed කරමු

 ඇන්ඩ්රොයිඩ් දුරකතන පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට ඇති ප්රස්නයක් ලෙස දුරකතනය මන්දගාමී (slow) වීම දැක්විය හැකිය. මෙම ගැටලුවට හේතුවන ප්රධාන  කාරණාව වන්නේ දුරකතනයහි අස්තිර මතකය (Ram) තුල අඩු නිදහස් අවකාශයක් පැවතීමයි.රැම් ධාරිතාව 512mb පවතින දුරකතන වල මෙම ගැටලුව සුලභව දැකිය හැකිය.මේ සඳහා කල හැකි සරලම විසඳුම වන්නේ අනවශ්ය app අස්ථාපනය (uninstall) කිරීමයි.එසේ කිරීමෙන් මන්දගාමී තත්වය බොහෝ දුරට මග හරවා ගත හැකිය.

දුරකතනය වේගවත් (speed) කිරීමට යැයි පවසා නොයෙක් ඇප් වර්ග play store තුල ඇතත් ඒ මගින් සැලකිය යුතු වේගවත් බවක් ලබාගත නොහැක.සමහර අවස්ථා වලදී තිබූ වේගවත් බවද මෙම ඇප් ක්රියාත්මක කිරීමෙන් නැති වී යයි.හේතුව එම app එක ධාවනය කිරීමටද සැලකිය යුතු ram මතක ප්රමාණයක් ගැනිමයි.

හදුන්වා  දෙන මෙම ක්රමය මගින් ඔබේ දුරකතනයහි සැබෑ ලෙසම වේගවත් බවක් ලබා ගත හැකිය.විශේෂත්වය වන්නේ මේ සඳහා කිසිදු app එකක් බාවිතා නොකිරීමයි.මේ සඳහා  setting වල සුලු වෙනස්කම් කිහිපයක් කිරීම පමනයි ඇත්තෙ.මෙම ක්රියාත්මක කිරීම තුලින් #messaging /contacts/logs ආදී විශේෂාංගයන්හි ඉතා වේගවත් බවක් ලැබෙනු ඇත.

ක්රියාත්මක කරන ආකාරය පිලිවෙලින්

1-go to phone setting
2-select DEVELOPER options (සමහර දුරකතන වල මෙම විශේෂාංගය සඟවා ඇත.එය ගැනීමට මේ පියවර අනුගමනය කරන්ඩ. 1- go to Abuot phone. 2- මෙහි    Build number  ලෙස පෙන්වන තැනට එක දිගට තට්ටු කරන් යන්ඩ.3-අනතුරුව එක් වරක් back කර බලන්ඩ.දැන් ඔබට කලින් නොතීබූ Developer option නම් විශේෂාංගය දැකිය හැක) 
 (සැලකිය යුතුයි÷ මෙහි සඳහන් කරන වෙනස්කම් හැර වෙනත් කිසිඳු වෙනස්කමක් developer option තුල  නොකල යුතුය)

3-developer option  ඔන් කර පහලට යන්ඩ.
4-එහි මේ ආකාරයට සඳහන් විශේෂාංග  3 ක් ඇත.

1-Window animation scale
2-Transition animation scale
3-Animator duration scale

5-මේ තුනහිම අගය 1×  ලෙස දක්වා ඇත.
6-ඔබ එම අගයන් .5×  ලෙස වෙනස් කල යුතුය.
ඔක්කොම හරි.දැන් phone  එක restart කරල බලන්ඩකො.ගැටලු ඇත්නම් comment කරන්ඩ.


Sunday, June 5, 2016

යාලුවොත් එක්ක bluetooth වලින් සෙට් වෙලා pool ගහමුද

යාලුවොත් එක්ක bluetooth වලින් සෙට් වෙලා pool game එක play කරමුද.හරිම ලේසියි.තනියම game එකක් play කරනව වගේද..පොඩි මෙවුවා (ඔවු ඔවු ඒක තමා) එකකුත් තියෙයිනෙ.මේ game එක තනියම උනත් play කරන්ඩ පුලුවන්. එහෙනම් අපි ගියා ජය වේවා!
මෙතනින් බාගන්ඩ (download here)

Screen shot ටිකත් බලන්ඩකො




Sunday, May 29, 2016

ඔබේ android දුරකතනයට සුපිරි camera app එකක්

CAMERA FV-5 PRO


CAMERA FV-5  යනු  ඔබේ ANDROID දුරකතනයේ තිබිය යුතු ඇප් එකකි.මෙම APP එක මගින් සාමාන්ය CAMERA APP එකට වඩා පහසුකම් රැසක් ලබා ගත හැකි අතර ඉහල ගුණාත්මක බවින් යුතු ඡායාරූපයක් මෙමගින් ලබා ගත හැක.මෙහි නවතම සංස්කරණය පහත දී ඇති සබැඳිය මගින් බා ගන්න.
බා ගැනීමට මෙතන ඔබන්න


Tuesday, May 24, 2016

android ඇප් වල icon අපිට ඕන විදියට හදමු

 පෝන් එකේ app වල icon කැමති විදියට වෙනස් කර ගමු..
මේ සඳහා ඔබේ දුරකථනය මූල (root) කිරීමක්ද අවස්ය නොවේ.සියයට 100%  සාර්ථක ඇප් එකක් වන අතර play store මගින්ද බා ගත හැක.play store සඳහා අතිරේක data වැයවීමක්ද සිදුවන බැවින් පහත දී ඇති සබැඳිය (link)  මගින් ද නොමිලයේ  download කර ගත හැක.

මෙතනින් download කරගන්ඩ


ඔබේ අදහස් හා යෝජනා අගය කරමි.

මෑතකදී පලකෙරූ ලිපි

Damro tea senter.at labookellie

වැඩි පිරිසක් බැලූ ලිපි